Search WEBURL

Tuesday, August 12, 2014

කළුපහනේ එනසාල් වැව්වොත් පරිසර හානියක්‌

Knuckles Mountain Range of Sri Lanka 

කළුපහනේ එනසාල් වැව්වොත් පරිසර හානියක්‌ලෝක උරුම ලැයිස්‌තුවෙන් නකල්ස්‌ ඉවත් වේවි!
ලෝක උරුම නකල්ස්‌ (දුම්බර) සංරක්‍ෂිත වනාන්තරයට අයත් කළුපහන කඳු ප්‍රදේශයේ එනසාල් වගාව සිදුකළ හොත් දැවැන්ත පාරිසරික විනාශයක්‌ සිදුවනු ඇතැයි පරිසරවේදීහු කියා සිටිති.

යම් හෙයකින් එනසාල් වගාවට රජය ඉඩදුනහොත් රජරට දැඩි නියඟයකට ගොදුරුවීම වැළැක්‌විය නොහැකි බවද, මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ව්‍යාපෘති අතහැර දමන්නට සිදුවනු ඇති බවටද ඔවුහු අනතුරු හඟවති.

ඊට හේතුව මෙම ජලාශවලට ජලය ගෙන යන කළු ගඟ සුදුගඟේ අතු ගංගා සහ හීං ගඟ, හුළු ගඟ යන දියදහරාවල ජල මූලාශ්‍රය පවතින්නේ කළුපහන ප්‍රදේශයේ වීමය.

එසේම ලෝක උරුම ලැයිස්‌තුවෙන් නකල්ස්‌ වනාන්තරය ඉවත් කිරීමට නියත වශයෙන්ම මෙම එනසාල් වගාව හේතු වන බවද කියා සිටින ඔවුහු වැඩිදුරටත් පවසන්නේ සමස්‌ත ලෝකයෙන්ම දුම්බරට පමණක්‌ සීමා වී සිටින සත්ත්ව විශේෂ 19 ක්‌ හා ශාක වර්ග 6 ක්‌ මෙමගින් විනාශයට පත්වන බවයි.

මේ පිළිබඳ අදහස්‌ දැක්‌වූ ප්‍රවීණතම ජීව විද්‍යා පර්යේෂකයන් හා පරිසරවේදීන් ද වන සමන්ත සුරංජන් ප්‍රනාන්දු සහ ප්‍රදීප් සමරවික්‍රම මහත්වරුන් කියා සිටියේ මෙසේ එනසාල් වගාවට දුම්බර කඳුකරය බිලි දුනහොත් එය මේ සියවසේ ශ්‍රී ලංකාවේ සිදුවූ දැවැන්තම පාරිසරික විනාශය ලෙසට වාර්තා පොත්වලට එක්‌වනු ඇති බවයි.

දැනටමත් මේ පිළිබඳව සොයා බලන්නට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව මගින් ද එනසාල් වගාවට එරෙහිව පියවර ගනු ඇති බවට ඔවුහු විශ්වාසය පළ කළහ. Source : divaina.com

0 comments:

Post a Comment