Search WEBURL

Saturday, August 9, 2014

ලැජ්ජාව බය කාන්තාවට අනිවාර්යයි - 2014 miss sri lanka කිරුළ දිනූ ඉමායා ලියනගේ

ලැජ්ජාව බය කාන්තාවට අනිවාර්යයි - 2014 miss sri lanka කිරුළ දිනූ ඉමායා ලියනගේ


2014 miss sri lanka Imaya Liyanage

ඇය හුරුබුහුටියි. ඒ වගේම සුන්දරයි. ඒ සුන්දර බව ඇයට වාසනාව රැගෙන ආවා. සොඳුරු රුවැත්තියන් 15 දෙනකු අභිබවා ඇය ප්‍රථම ස්ථානයට පත්වුණා. ඒ දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයේ කිරුළ ලබාගනිමින්.
වෙන්නප්පුව ප්‍රදේශයේ ඉපදිලා රටක් නියෝජනය කරලා ප්‍රමුඛයා වුණ ඇය දැන් රට නියෝජනය කරමින් ලොවට අභියෝගයක් වෙන්න සූදානම්. ඇය ඉමායා ලියනගේ.
ඉමායා, නිරූපිකාවක් විතරද ?
මම දැනට නිරූපිකාවක්, ඊට අමතරව නීතිඥවරියක් වෙන්න අධ්‍යාපන කටයුතුවල නියැළෙනවා. ඉදිරියේදී රංගනයටත් යොමුවේවි. 
නිරූපිකාවක් වෙන්න ලැජ්ජා, බය නැති කර ගන්න ඕනෑ කියන කතාව හිමායා පිළිගන්නවාද?
කාන්තාවක් වුණාම ලැජ්ජා, බය තිබිය යුතු අවස්ථාවන් අනිවාර්යයි. හැබැයි හැම වේලාවෙම එහෙම විය යුතු නැහැ කියලයි මම හිතන්නේ. 
ඇඟ පෙන්නලා ජනප්‍රිය වෙන්න ගොඩක් නිරූපිකාවන් කැමැතියිලූ?
සමහර එහෙම අය ඇති. ඒත් මම එහෙම නැහැ. මේ මං අඳින විදිහ. මම දිනුවේ මගේ උත්සාහයෙන්. ඒක තමයි සාර්ථකත්වය.

රංගන හෝ නිරූපණ ක්‍ෂේත්‍රයේ කෙනෙක්ව විවාහ කරගන්න කැමැති නෑලු නේද?
ඔව්. මම කැමැති ඒ ක්‍ෂේත්‍රවලට අයිති නැති කෙනෙක්ට.

අවසන් ප්‍රශ්නය පෙම්වතෙක් ඉන්නවාද?
ඒ ගැන දැන්ම කියන්න බෑ. පස්සේ කියන්නම්.
Imaya Liyanage Miss Sri Lanka 2014





















2014 miss sri lanka


More Pics in rivira.lk


























  • "hostgator"
  • "hostgator.com"
  • "www.hostgator.com"
  • "host gator"
  • "Hostgator coupon"
  • "Hostgator review"





0 comments:

Post a Comment