Search WEBURL

Wednesday, August 6, 2014

E06 expressway (Sri Lanka) කොළඹ - රත්නපුර නව අධිවේගී මාර්ගය

The Ruwanpura Expressway, also known as the Ratnapura Expressway will be Sri Lanka's sixth E Class highway. The 71.8 km (44.6 mi) long highway will link the the Kahathuduwa exit on the Southern Expressway with Pelmadulla, a major city inSabaragamuwa Province, Sri Lanka, via Ratnapura, the provincial capital of Sabargamuwa Province.[1]
Construction of the highway is proposed to commence in September 2014 and will be built in 3 stages. The expressway is proposed to be completed by 2019. It is anticipated that the new expressway will reduce commuting time between Colombo and Ratnapura to 45 mins and Colombo and Palmadulla to one hour.[1][2]  Read more 

කොළඹ සිට රත්නපුර දක්‌වා කිලෝමීටර් 71.8 ක දුරකින් යුත් නව අධිවේගී මාර්ගයක්‌ ඉදිකිරීමට රජය තීරණය කර ඇතැයි වරාය මහා මාර්ග සහ නාවික කටයුතු පිළිබඳ ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතා "දිවයින" ට ඊයේ (16 දා) පැවසීය.නව අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් පසු කොළඹ සිට රත්නපුරයට විනාඩි 45 ක්‌ වැනි කෙටි කාලයකින් ගමන් කිsරීමේ අවස්‌ථාව උදාවන බවත් මෙම නව අධිවේගී මාර්ගය දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව, හොරණ, ඉංගිරිය, රත්නපුර හරහා පැල්මඩුල්ල දක්‌වා ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති බවත් ඇමැතිවරයා කීය.

මීට පෙර රජය සැලසුම් කර තිබුණේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බණ්‌ඩාරගම ප්‍රවේශ මාර්ගය හරහා කොළඹ, රත්නපුර අධිවේගී මාර්ගය ඉදිකිරීමටයි. නමුත් රත්නපුර - පානදුර මාර්ගය අධික වාහන ප්‍රමාණයකින් සමන්විත වීම නිසා සහ බණ්‌ඩාරගම ප්‍රවේශ මාර්ගය හරහා රත්නපුරයට පැමිණීමට පැය දෙකක්‌ ගතවීම නිසා එම සැලැස්‌ම වෙනස්‌ කර ඇත.

මෙම මාර්ගයේ කහතුඩුව පළමු ප්‍රවේශ මාර්ගය වන අතර ඉන් අනතුරුව හොරණ ගැලණිගම, හඳපාන්ගොඩ, ඉංගිරිය. මුණසිංහපුර, කිරිඇල්ල, ඔටුවාගල ඇහැලියගොඩ, කිතුල්පේ, දොඩම්පේ, කොස්‌ගොඩ, කුරුවිට, රත්නපුර හරහා පැල්මඩුල්ල දක්‌වා දිවෙනු ඇත.

මේ වනවිට මෙම අධිවේගී මාර්ගයට අදාළ ශක්‍යතා අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙන බව ද මැනුම් කටයුතු දැන් සිදු කරගෙන යන බවත් ඇමැතිවරයා පැවසීය.
Source : divaina.com

0 comments:

Post a Comment